Mathematics

Shanaka

මා පිටකෝට්ටේ තක්ෂිලා Accademy ය මෙහෙයවමින්, ආයතනයේ ගණිත ගුරුවරයා ලෙස කටයුතු කරනු ලබයි. මා, 1989 සිට මාගේ දෙමාපියන් ගේ අඩිපාරේ යමින් ( ඔවුන් දෙදෙනා ද ගුරුවරුන් වේ ) මේ වන විට වසර 36 ක කාලයක් සාර්ථක ප්‍රථිඵල අත් කර දෙමින් මගේ අත්දැකීම් සිසුන් සමග බෙදා ගනිමින් ඉහළ ප්‍රතිඵල ලබාදීමට කටයුතු කර ඇත.

මා ඉන්දියාවේ මාස්ටර් කැඩ් ඩිප්ලෝමාව සමත් කර ඇති අතර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විෂය අධ්‍යයනය කර මේ වනවිට ගෘහ නිර්මාණ ශිල්පියෙකු හා ගෘහ නිර්මාණකරුවෙකු ලෙසද කටයුතු කරයි. පුරා වසර 25 එම ක්ෂේත්‍රයේද අත්දැකීම් ලබා 10% - 20% අඩු වියදම් තාක්ෂණයන්ද හදුන්වා දී ඇත.

මේ වනවිට පුරා වසර 35 ක් පුරා ගුරු වෘත්තියේ යෙදෙමින් සිසුන් දහස ඉක්මවා උගන්වා ඇති අතර මේ වනවිට ඔවුන් අපගේ මගපෙන්වීම යටතේ ඉහළ තරාතිරම් වල කටයුතු කරයි,

මෙම වසර 36 පුරාවටම ඒ සියලු දෙනාට 80% ට වඩා A , B සාමාර්ථ ලබා දීමට හැකියාව ලැබී ඇත , පසුගිය වසරේද 80% ඉක්මවා A , B සාමාර්ථ ලබා දීමට මෙහෙයවීම් කරන ලදී ,

ඔවුන්ගේ උසස් පෙළ සිහිනය සාක්ෂාත් කරගැනීමට මග පෙන්වීමේ කටයුතුද කිරීමට ද මැදිහත් විය. පසුගිය වසරේ ,

A - 60%

B - 25%

C - 10%

S - 5%

ලෙස 100% ක් සිසුන් සමත් කරවන ලදී

අපේ ගණිත පන්තියේ විශේෂත්වය වනුයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දරුවන්ට 10 / 11 වසර සදහා ද්විවාර්ෂික ඉගෙනුම් ක්‍රියාවලියයි , ඒ වසර දෙක තුලදී 8 , 9 ,10 , 11 ශ්‍රේණි වල සියළුම විෂය කොටස් දෙවරක් ආවරණය කිරීම 1 , වසර 45 ක විභාග ගැටළු සිසුන් විසින් කරන අතර නියමිත ලකුණු ක්‍රමය සමග පන්ති කාමරය තුලදී සාකච්ඡා කොට අවසන් කිරීම , අපගේ සිසුන් 10 වසර ආරම්භය සිටම අ.පො.ස. සාමාන්‍ය පෙළ පසුගිය විභාග ගැටළු විසදීමට සමත් වේ.

ඔබ සිතනවා ඇති මෙච්චර වැඩ ප්‍රමාණයක් පැය දෙකකින් කොහොම කරන්නද කියලා , ඔව් අපිට පැය දෙක ගෑවෙන්නත් මදි , ඒ නිසා අපේ ගණිත පන්තිය සතියකට පැය 5ක් දිග හැරෙනවා , අමතර මුදල් අය කිරීමකින් තොරව නිවාඩු දින වල එක් දිනකට පැය 8 ක පමණ අමතර පන්ති කිරීමටද කටයුතු කරනු ලැබේ. මේ අනුව පසුගිය විභාග ගැටළු 2000 ට වඩා පන්ති කාමරය තුලදී සාකච්ඡා කෙරේ.

තවද අපගේ ප්‍රශ්න පත්‍ර පන්තිය සතියකට පැය 3 ක් ගලා යන අතර නියමිත කාලයන්ට අනුරූපව විභාග මානසිකත්වය පවත්වා ගනිමින් අවම වශයෙන් ආදර්ශ ප්‍රශ්න පත්‍ර 30 ටවත් මුහුණ දීමට කටයුතු කරයි , ඒ හරහා කෙටි ප්‍රශ්න 1000 ක් , රචනා ප්‍රශ්න 500 ක් සිසුන් විසින් පිළිතුරු ලියනු ලබයි. අනිවාර්යයෙන් ලිවිය යුතු පියවර මොනවාද , එම පියවර සදහා ලකුණු ලැබෙන ආකාරය කොහොමද යන්න දැනුවත්ව සිසුන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සදහා මුහුණ දීමට මෙහෙයවීම් කරනු ලබයි.

සාර්ථක ප්‍රථිඵල ලබාගැනීමේ අපේ ගණිත පන්තියේ රහස මෙයයි.

අපේ ඉගෙනුම් ක්‍රියාවලිය විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතියට අනුව විෂය නිර්දේශය සකස් කර ඇත. ප්‍රධාන මාතෘකා 13ට වෙන් කර ඉගැන්වීම් කටයුතු කරයි.

01) මූලික සිද්ධාන්ත - 8%

සංඛ්‍යා වර්ග 5 සුළුකිරීම්

02) දර්ශන හා ලඝුගණක - 8%

03) සාධක හා සමීකරණ - 8%

04) සංඛ්‍යාතය - 12%

05) පථ හා නිර්මාණ - 6%

06) කුලක හා සම්භාවිතාවය - 13%

07) මුදල් හා කාර්‍යය - 14%

08) මිනිතය - 13%

( වර්ගඵල පරිමා )

09) ප්‍රස්ථාර - 6%

10) ශ්‍රේණි - 6%

11) පරිමාණ රූප හා ත්‍රිකෝණමිතිය - 6%

12) රේඛීය ජ්‍යාමිතිය - 8%

13) වෘත ජ්‍යාමිතිය - 8%

12) හා 13) පාඩම් සදහා වූ ජ්‍යාමිතික ප්‍රමේයන් 45 ම අප පන්ති කාමරය තුලදී සාකච්ඡා කරනු ලබන අතර ඉන් වැඩි ප්‍රමාණයක් දුවා දරුවන් විසින්ම තනිවම සාධනය කිරීම සදහා අපේ පන්තිය තුලදී මෙහෙයවීම් කරයි

නිසැක A සාමාර්ථයක් ලබාගැනීමට වෙනස හදුනාගැනීමට අපේ ගණිත පන්තියට යොමු කර බලන්න.

අවශ්‍ය ඕනෑම කෙනෙකුට individual Classes , individual group classes සදහාද අපගේ සේවාව ලබාගැනීමට පුළුවන.

6 ශ්‍රේණිය

සෙනසුරාදා 5 - 7

7 ශ්‍රේණිය

සෙනසුරාදා 3 - 5

8 ශ්‍රේණිය

සෙනසුරාදා 10 - 12

9 ශ්‍රේණිය

සෙනසුරාදා 1 - 3

10 ශ්‍රේණිය ( අච්චු පොත )

සෙනසුරාදා 7.30 - 10

10 / 11 ( සාමාන්‍ය පෙළ )

ඉරිදා 2 - 7

10 / 11 ප්‍රශ්න පත්‍ර පන්තිය

බ්‍රහස්පතින්දා 3 - 6

ශානක පියුමාල්

ගණිත දේශක

පාඨමාලා අධ්‍යක්ෂක

තක්ෂිලා Accademy

පිටකෝට්ටේ.