Science

Achini Upeksha

මා පිටකෝට්ටේ තක්ෂිලා Accademy ය මෙහෙයවන සම අධ්‍යක්ෂකවරියක වේ,

තක්ෂිලයතනයේ විද්‍යාව ගුරුවරිය ලෙස කටයුතු කරනු ලබන මා, 1996 සිට මාගේ පියාගේ පියසටහන් ඔස්සේ ගමන් කරමින් ( ඔහු කොළඹ ඉසිපතන විදුහලේ කාලයකට පෙර ගණිත ගුරුවරයා වේ )

මේ වන විට වසර 28ක කාලයක් සාර්ථක ප්‍රථිඵල හිමි කර දෙමින් මගේ අත්දැකීම් ඉතා ලෙන්ගතුව සිසුන් සමග බෙදා ගනිමින් ඉහළ ප්‍රතිඵල හිමි කර දීමට සිසුන් සියලු දෙනාටම සහය විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවද , IDM ආයතනයේ IT ඩිප්ලෝමාවද , AAT Stage 3 සමත් වූද , professional English ඩිප්ලෝමාව RI හිද සමත් කර ඇති අතර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යා විෂය අධ්‍යයනය කර මේ වනවිට නිර්මාණශීලී විද්‍යා පන්තියකට පණ පොවමින් සිටී.

පුරා වසර 28 ක් ගුරු වෘත්තියේ යෙදෙමින් සිසුන් වැඩි ප්‍රමාණයකට අකුරු කරම්න් උගන්වා ඇති අතර මේ වනවිට ඔවුන් අපගේ මගපෙන්වීම යටතේ ඉහළ තරාතිරම් වල කටයුතු කරයි.

මෙම වසර 28 පුරාවටම ඒ සියලු දෙනාට 70% ට වඩා A , B සාමාර්ථ ලබා දීමට හැකියාව ලැබී ඇත. 100% ක් සිසුන් සමත් කරවන ලදී.

අපේ විද්‍යා පන්තියේ සුවිශේෂත්වය වනුයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දරුවන්ට 11 වසර සදහා පුද්ගලයානුබද්ධ වාර්ෂික ඉගෙනුම් ක්‍රියාවලියයි ,

6 , 7 , 8 , 9 ,10 , 11 ශ්‍රේණි වල සියළුම විෂය කොටස් ආවරණය කරන අතර හැකි සෑම අවස්ථාවකම අපට කල හැකි ප්‍රායෝගික පරීක්ෂණ පන්ති කාමරය තුලදී අප සිසුන්ට අත්විදීමට ලබා දේ , එසේ කල නොහැකි විටක තාක්ෂණය උපයෝගී කර ගනිමින් එම අත්දැකීම් ලබා දීමට කටයුතු කරනු ලැබේ.

වසර 12 ක විභාග ගැටළු සිසුන් විසින් කරන අතර නියමිත ලකුණු ක්‍රමය සමග පන්ති කාමරය තුලදී සාකච්ඡා කොට අවසන් කිරීම , අපගේ අඩු දැනුමින් යුත් සිසුන් හට නිබන්ධන ගාස්තු පමණක් ගෙවා 10 වසර ආරම්භය සිටම එම පන්තියට සහභාගී වීමේ අවස්ථාව ලබා දී ඇත. තවද විෂය කරුණු මග හැරුණු දරුවන්ට ඊට පහළ පන්ති වලට නිබන්ධන ගාස්තු පමණක් ගෙවා සහභාගී වීමේ අවස්ථාව අප තක්ෂිලාව තුලින් ලබා දී ඇත.

6 , 7 ශ්‍රේණි වලදී ඉතා ශක්තිමත් පදනමක් ලබා දෙන අතර සාමාන්‍ය පෙළ ඉලක්ක කර ගනිමින් ඒ සදහා 6 ශ්‍රේණියේ සිටම දරුවන් මෙහෙයවයි.

අමතර දැනුම , ප්‍රශ්න නිවැරදිව අවබෝධ කර ගැනීම , සංවිධානත්මකව පිළිතුරු ලිවීම වැනි දේ පුංචි පන්ති වල සිටම කියා දෙන නිසා ඉහල පන්ති වලට යාමේදී ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට හොද පසුබිමක් සකස් වේ.

5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට එන කුඩා දරුවාට "විද්‍යාව " විෂය නැවුම්‍ ය අලුත් ය , අලුත් ම අලුත් වචන ගොඩාක් සමග මදක් අපහසුවෙන් ගමන් කරන ඔබේ දරුවාට නිවැරදි අත්වැලක් ලබා දිය යුතුය. පරිසරය පාඩමින් මිදී සංකීර්ණ විද්‍යාව විෂය ට වෙනස් වන විට ක්‍රමානුකූල ලෙස ඉගැන්වීමත් , ඉතා හොදින් සරලව සංකීර්ණ විෂය කරුණු ඉතා හොදින් පසක් කර දෙමින් දරුවාගේ විෂය ට තිබෙන බය , චකිතය , ඉවත් කරම්න් පන්තිය ආරම්භ කරයි.

එම නිසාවෙන් දරුවන් අපහසුතාවයකින් තොරව ඉතා ඉක්මණින් සරලව විෂය කරුණු ග්‍රහණය කරයි.

ඉංග්‍රීසි මාධ්‍යය තෝරා ගත් දරුවාද අභියෝගයකට මුහුණ දෙයි. ඉංග්‍රීසි විෂයට දක්ෂ වීම , ආශාව හා වෙනත් කරුණක් මත ඉංග්‍රීසි මාධ්‍ය තෝරා ගත්තද , ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙනත් විෂයක් ඉගෙන ගැනීම මදක් අපහසුය. එහෙත් එම බිය තුරන් කර ඉතා සරලව දරුවන්ට ගැලපෙන වේගයකින් අවශ්‍ය සෑම විටකදීම මාධ්‍යයන් දෙකින්ම පැහැදිලි කරමින් ඒ අභියෝගයට මුහුණ දීමට අපේ පන්තිය අත්වැලක් වෙමු.

ශ්‍රේණියෙන් ශ්‍රේණියට ඉහලට යන දරුවා සාමාන්‍ය පෙළ පන්තියට පැමිණෙද්දී වෙහෙසකර අත්දැකීමක් නොවී ඉතා හොදින් සතුටින් විභාගය සදහා මුහුණ දීමේ හැකියාව ප්‍රගුණ කර අප ඔවුන්ට මහගු අත්වැලක් වෙමු.

දැනුම අඩු දරුවන් වැටෙන්නට නොදී ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් අවබෝධය ලැබෙනතුරු නැවත නැවත කියා දීම අප විද්‍යා පන්තියේ විශේෂත්වයයි. ශ්‍රේණියෙන් ශ්‍රේණියට සෑම විෂය ඒකකයක් අවසානයේම ඊට අදාල අ.පො.ස. සාමාන්‍ය පෙළ පසුගිය විභාග ගැටළු පිළිතුරු ලිවීමට පුරුදු පුහුණු කරනු ලැබේ.

අපිට පැය දෙකක් මදි වන නිසා අපේ විද්‍යාව පන්තිය සතියකට පැය 3ක් 3 1/2ක් දිග හැරෙනවා , අමතර මුදල් අය කිරීමකින් තොරව නිවාඩු මාස වල සතියකට දින දෙකක් දිනකට පැය 4 ක පමණ අමතර පන්ති කිරීමටද කටයුතු කරනු ලැබේ.

මේ අනුව පසුගිය විභාග ගැටළු 500 ට වඩා පන්ති කාමරය තුලදී සාකච්ඡා කෙරේ.

තවද අපගේ ප්‍රශ්න පත්‍ර පන්තිය සතියකට පැය 3 ක් ගලා යන අතර නියමිත කාලයන්ට අනුරූපව විභාග මානසිකත්වය පවත්වා ගනිමින් අවම වශයෙන් ආදර්ශ ප්‍රශ්න පත්‍ර 20 ටවත් මුහුණ දීමට කටයුතු කරයි , ඒ හරහා කෙටි ප්‍රශ්න 1000 ක් , රචනා ප්‍රශ්න 250 ක් සිසුන් විසින් පිළිතුරු ලියනු ලබයි. අනිවාර්යයෙන් ලිවිය යුතු පියවර මොනවාද , එම පියවර සදහා ලකුණු ලැබෙන ආකාරය කොහොමද යන්න දැනුවත්ව සිසුන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සදහා මුහුණ දීමට මෙහෙයවීම් කරනු ලබයි.

සාර්ථක ප්‍රථිඵල ලබාගැනීමේ අපේ විද්‍යාව පන්තියේ රහස මෙයයි.

අපේ ඉගෙනුම් ක්‍රියාවලිය විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතියට අනුව විෂය නිර්දේශය සකස් කර ඇත.

01) ජීව විද්‍යාව

02) භෞතික විද්‍යාව

03) රසායනික විද්‍යාව

ලෙස වෙන් කරමින් කොටස් සාකච්ඡා කරන අතර ඒ ආකාරයට වෙන් වෙන්ව පසුගිය විභාග ගැටළුද පන්ති කාමරය තුලදී සාකච්ඡා කරනු ලැබේ.

01) ජීව විද්‍යාව - 25% - 35%

හෘදය

සම

කණ

වෘක්ක

02) භෞතික විද්‍යාව - 35% - 40%

චලිතය

ධ්වනිය

ශබ්ධය

03) රසායන විද්‍යාව - 25% - 35%

පරමාණුක ව්‍යූහය

නිසැක A හෝ B සාමාර්ථයක් ලබාගැනීමට අපේ තක්ෂිලාවේ වෙනස හදුනාගැනීමට අපේ විද්‍යාව පන්තියට ඇවිත් බලන්න.

අවශ්‍ය ඕනෑම කෙනෙකුට individual Classes , individual group classes සදහාද අපගේ සේවාව ලබාගැනීමට පුළුවන.

6 ශ්‍රේණිය

සෙනසුරාදා 3 - 5

7 ශ්‍රේණිය

සෙනසුරාදා 5 - 7

8 ශ්‍රේණිය

සෙනසුරාදා 8 - 10

9 ශ්‍රේණිය

සෙනසුරාදා 1 - 3

10 ශ්‍රේණිය

සෙනසුරාදා 10 - 12.30

11 ( සාමාන්‍ය පෙළ ) 2023

අගහරුවාදා 2.30 - 6

11 ශ්‍රේණිය ( සාමාන්‍ය පෙළ ) 2024

සෙනසුරාදා 5 - 7

10 / 11 ප්‍රශ්න පත්‍ර පන්තිය

සදුදා 3 - 6

අචිනි උපේක්ඛා

විද්‍යා දේශක

සහය පාඨමාලා අධ්‍යක්ෂක

තක්ෂිලා Accademy

පිටකෝට්ටේ.